විදුහල්පති පණිවිඩය
රන්ජන් විජේරත්න මහා විද්‍යාලය

පියෙන් පිය තම ඉලක්කගත අරමුණු හඹා යමින් ඉදිරියට පිය නගන සබරගමු පළාතේ දෙහිඕවිට කලාපයේ ඇති කීර්තිමත් පාසලකි අප පාසල.අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර පාසලෙන් බිහි වූ ජාතිමාමක ආදි සිසුවෝ රටට දැයට සමයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කරමින් සිටිති.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර කිහිපය තුළ විශාල දියුණුවක් අත්කරගෙන සිටි. අපොස සාමාන්‍ය පෙළ, මෙන්ම අපොස උසස් පෙළ ද තොරතුරු තාක්ෂණ විෂය ධාරාවේ ප්‍රතිඵල 100% වීම හා ඊට අමතරව පාසලෙන් වැඩ ලෝකයට පිවිසෙන අප දරුවා නොබියව තොරතුරු තාක්ෂණ නිපුණතා අත්පත් කරගෙන සමාජයට පිවිසීම සතුටට කාරණයකි.
පාසල හා ප්‍රජාව සමඟ සන්නිවේදන කටයුතු සඳහා මෙම වෙබ් අඩවිය ඵලදායීව යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. විද්‍යාලය ට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට පාසලේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ ප්රගමනය වෙනුවෙන් සහයෝගය දක්වන මෙන් ආරාධනය කරමි.
මේ වෙබ් අඩවිය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවායි පතමි.
ආර්.එම්.එස්.එන්.එස්. කුමාර
විදුහල්පති,
රන්ජන් විජේරත්න මහා විද්‍යාලය