පාසල් ගීතය
රූබර කඳු කොමළියෝ එක් දෙසකින් හිනැහෙති පිබිදෙන කුසුම් බලා
ගංගා කුමරිය විදුබිම අභියස රඟයි කදිමට සිසිල දේවා
නිල් තුරු පෙළ විදුහල රැක දීමට මුර සෙබලුන් මෙන් හිදී බලා
විදු මෑණියන් ගේ උදාර සේවය දැක මේ මුළු ගම පුබුදු වෙලා
එදත් අදත් හෙට දැයට වැඩක් ඇති උගතුන් පුරවැසියන් ලෙසිනි
බිහි කරවන සිප්සතර ලබා දෙන ගුරු මව් පියවරු සෙනෙහසිනි
නමදිමු ආශිර්වාද ලබන්නෙමු හෙට නව ලොව දැකුමට සුසැදි
රන්ජන් විජේරත්න විදු මාතා නමදිමු නමදිමු හද බැතිනී
ඔබ බිහි කරවන දරුවන් කිතුගොස මුළු ලොව පතලව වොරැදේවා
රන්ජන් විජේරත්න විදුමාතා සැරදේ සැරදේ සැරදේවා !