නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
රන්ජන් විජේරත්න මහා විද්‍යාලය

සියවසක කීර්තිමත් මතක සටහන් ඇති අප පාසල දිනෙන් දින තම දියුණුව වෙත පියමන් කරන ප්රදේශයේ් ජනප්‍රිය පාසලකි.
තාක්ෂණ ලෝකයේ අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යන අප පාසල් දරුවා, එහි නොයෙකුත් ජයග්‍රහණ හා නිපුණතා අත්පත් කරගනිමින් තම ජීවිත අඩිතාලම ශක්තිමත් ව ගොඩනඟා ගනු දැකීම නියෝජ්‍ය විදුහල්පති වරයෙක් වශයෙන් මම ද අතිශයින් සතුටට පත් වෙමි.
අප පාසලේ තොරතුරු තාක්ෂණ අංශයේ දක්නට ලැබෙන සාධනීය වර්ධනය අගය කළ යුතුය. එහිදී අප පාසල වෙනුවෙන් නිර්මාණය වූ මෙම වෙබ් අඩවිය පාසල, ලෝකයටම විවර වූ මාවතක් වැනිය. දැන් අප දරුවනට ද මේ තුළින් ලෝකයේ විශ්ව දැනුම එකතු කර ගත හැකි වනු ඇත.
තවද අප පාසල හා සම්බන්ධ සියලු පාර්ශව තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායීව යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි.මේ හා සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ද සියලු පාර්ශවයන්ට ආරාධනා කරමි.
අවසාන වශයෙන් මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු ද දිනෙන් දින වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමි.
.
නියෝජ්‍ය විදුහල්පති,
එම්. ඩබ්ලිව්. ආර්. මහින්ද විතාරම මයා