- සියලු සිසුන් පෙරවරු 7 ට පෙර පාසලට පැමිණ සිටිය යුතුයි.
- අංග සම්පූර්ණ ඇඳුම පැළඳ සිටිය යුතුයි.
- සියලු පිරිමි සිසුන් කොණ්ඩය කොටට කපා තෙල් ගා පැත්තට හිස පීරා තිබිය යුතුයි.
- සියලු ගැහැණු සිසුන් කොණ්ඩයේ තෙල් ගා දෙකට පීරා කරල් දෙකක් වන සේ ගොතා සිටිය යුතුයි.
- පිරිමි සිසුන් සුදු කමිස අත්කොට වන අතර වැලමිටට අඟල් දෙකක් වත් තිබෙන සේ කමිස තිබිය යුතුයි. නිල් කොට කලිසම දණහිසට අඟල් එකහමාරක් වන සේ තිබිය යුතුයි.
- 10,11 පිරිමි සිසුන් සුදු දිග කලිසම වන අතර මේස් නොපෙනන සේ දිගට තිබිය යුතු අතර කලිසම් වාටිය අඟල් පහළොවක් දාසයක් වත් අවමය තිබිය යුතුයි.
- පිරිමි සිසුන්ගෙ කලිසමේ පිටුපස එක් සාක්කුවක් පමණක් පියන් රහිතව තිබිය යුතුය.
- 2014- 9 චක්‍රලේඛ අනුව පිරිමි සිසුන්ගේ කොණ්ඩය දිග අඟල් දෙකකට වඩා වැඩි නොවිය යුතුය. පිටුපස කොන්ඩේ දිග අඟල් 1/2 ට වඩා වැඩි නොවිය යුතුය. පැත්තෙන් බෙදා මැදින් රෝ ද නොතැබිය යුතුය. පැත්තට පීරා තිබිය යුතුය.
- සියලු සිසු සිසුවියන් පාසලේ අභිමානය රැකෙන සේ කටයුතු කළ යුතුය. පාසල විවේචනය කළ නො කළ යුතුය.
- රැවුල කපා තිබිය යුතුය.
- පාසලට පැමිණීමේදී රත්රන් ආභරණ/ මාල/ වළලු/ එල්ලෙන කරාබු/ පිරිමි අත් පලදනා/ අත් ඔරලෝසු නො පැලඳ සිටිය යුතුය.
- විද්‍යුත් උපකරණ පාට පෑන් tippex, key tag ,sticker පාසල් පුස්තකාලයට අයත් නොවන නවකතා කෙටිකතා පුවත්පත් වැනි දේ හා වෙනත් ඇඳුම් පැළඳුම් රැගෙන ඒමෙන් වැළකිය යුතුය.
- ප්‍රමිතියෙන් යුත් කළු බෑග් සහ කළු හිස් වැසුම් පමණක් භාවිතා කළ යුතුය.
- පාසලට බාහිරින් පොලිතීන් හා ප්ලාස්ටික් දවටන ෂොපින් කවර ලන්ච් ෂීට් ටොපි කොල අයිස් පැකට් බයිට් වර්ග බිස්කට් කවර ආදී නොදිරන කිසිවක් රැගෙන ඒමෙන් වැළකිය යුතුය.
- දිවා ආහාර කෑම පෙට්ටිය පමණක් රැගෙන ආ යුතුය.
- හිස පාටකිරීම නිය වැවීම හිසේ විවිධ කට් කැපීම නොකළ යුතුය.
- පාරේ ගමන් කිරීමේදී දෙදෙනා බැගින් දකුණු පසින් ගමන් කළ යුතුය.
- පන්ති අතර හා වෙනත් අවශ්‍යතාවයන් සඳහා පන්තියෙන් බැහැර යාමේදී එක් පෙළකට ගමන් කළ යුතුය.
- කිසිවිටෙක පාසල් භූමියට බුලත් විට ආදී කිසිම මත්ද්‍රව්‍යක් රැගෙන ඒමෙන් වැළකිය යුතුය.
- ආපනශාලාව උදේ 7.30 තිහට පෙර හා විවේක කාලය තුළදී පමණක් භාවිතා කළ යුතුය.
- නිකරුනේ තැන් තැන් වල රැඳී නොසිටිය යුතුය.
- සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආමන්ත්‍රණය කිරීමේදී ශිෂ්ට සම්පන්න භාෂාවක් භාවිතා කළ යුතුය.
- සියලු සිසුන් උදෑසන පිරිසිදු කිරීම් හා ආගමික වතාවත් සඳහා සහභාගි විය යුතුය.
- සෑම සිසු සිසුවියක ළඟම ගුරුවරුන් ඉල්ලූ විට ලබාදීමට ගුරු දෙගුරු සම්බන්ධතා පොත ළඟ තිබිය යුතුය.
- තම ගැටලු පන්තිභාර ගුරුවරයා මගින් විසඳාගත යුතුය ඒ සඳහා අංශ භාර ගුරුවරයා ගේ සහයෝගය ලබාගත හැකිය. ඊට පසු නියෝජ්‍ය විදුහල්පති තුමා හමුවිය හැකිය. අවසානයේ විදුහල්ප තුමා හමු විය යුතුය.
- ශ්‍රමදාන,ප්‍රධාන රැස්වීම් ,පන්ති රැස්වීම් වලට තම දෙමාපියන් සහභාගී කරවීමට වගබලා ගත යුතුය.
- නොකඩවා සෑම දිනකම පාසල් පැමිණිය යුතුය.
- සෑම නොපැමිණීම දෙමාපියන් ලවා ගුරු දෙගුරු සම්බන්ධතා පොතේ සටහන් කරගෙන පන්ති භාර ගුරු භවතාගේ අත්සන ලබා ගත යුතුය. නොපැමිණ දින ගණන 5කට වැඩි නම් තම දෙමාපිය භාරකරුවෙකු සමඟ නැවත පාසලට පැමිණ පන්තිභාර ගුරුවරයාට දැන්විය යුතුය.
- කුමන කාර්යයක යෙදී සිටියත් ආගමික වතාවත්වල යෙදීම හා ජාතික ගීය, පාසල් ගීය, වාදනය වන අවස්ථාවලදී ඊට ගරු කළ යුතුය.
- සියලු දෙනා පාසල් දේපල ගොඩනැගිලි ආරක්ෂා කළ යුතුය. එසේ නොකරන අය පිළිබඳ පන්තිභාර ගුරුවරුන් හා අංශභාර ගුරුවරුන් දැනුවත් කළ යුතුය.
- කිසිම අයෙකු වෙනත් සහෝදර සිසුන්ට පහරදී තර්ජනය කිරීම් බිය වැද්දීම් නොකළ යුතුය.
- කිසිම හේතුවක් මත පාසල අවසන් වන තුරු පාසල් භූමියෙන් බැහැර නොවිය යුතුය.
- සියලු සිසුන් තමාට පැවරෙන වගකීම ඉතා වගකීමෙන් නොපිරිහෙලා ඉටු කිරීමට වග බලා ගත යුතුය.
- ඉහත නීති රීති වලට පටහැනිව ක්‍රියා කරන සිසුන් සඳහා පාසල් විනය මණ්ඩලයේ තීරණය මත අදාල දඬුවම්( අවවාද කිරීම/ දැඩි අවවාද කිරීම/ පන්ති තහනම් කිරීම/ පාසලෙන් ඉවත් කිරීම/ අතින් සහතික හැසිරීම දුර්වලයි කියා සටහන් කිරීම) එකක් හෝ කිහිපයක් ලබාදීමට කටයුතු කරනු ඇත.
- Home
- අපේ පාසල ගැන
- පාසලේ විනය නීති